ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ කළමනාකාරීත්වයට උපදෙස් දෙමින් කියා සිටියේ පොස්පේට් පොහොර බෙදා හැරිමේ නිල ඒජන්තවරුන් ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදා ගෙන ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලබාදිමේ වැඩසටහනක් සකස් කරන ලෙසයි.
අමාත්‍යවරයා පොස්පේට් සමාගමේ ප්‍රගති සමාලෝචනය සදහා පැවැති සාකච්ජාවකදී මෙම උපදෙස් ලබා දුන් අතර අලුත් ක්‍රමෝපායන් අනුගමනය කරමින් සමාගමේ ආදායම වැඩිකර ගැනීමට අවධානය යොමු කල යුතු බවද පැවසුවේය.
තවදුරටත් අදහස් දක්වමින් එමහතා කියා සිටියේ දැනට අක්‍රීයව ඇති වාරියපොල පොහොර බෙදාහැරිමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදනාගාරයට අනුයුක්ත කර එහි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකි බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.