හොරට ගෙනා කැබිනට් පත්‍රිකාව ගැන විමල් මහජන මන්ත්‍රණ සභාවේ කියයි

"ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි' සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සදාකාලිකවම ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ගෙනාවේ හොරට - තක්කඩිකමින්"

"ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි' සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සදාකාලිකවම ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ගෙනාවේ හොරට - තක්කඩිකමින්"

- ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ෆොට්‍රෙස් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම වසර 05කට නොව සදාකාලිකවම ලැබෙන සේ සකස් කළ කැබිනට් පත්‍රිකාව රැගෙන ආවේ හොරට සහ තක්කඩිකමින් බවත් ඇමති ධුරය වෙනුවෙන් එවැනි ක්‍රම පිළිගෙන ඉවසාගෙන හෘද සාක්ෂිය 'තඩි ගලකට ගැටගසා වතුරේ ඔබා ගෙන සිටීමට නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඊයේ(29) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවති ඇමෙරිකානු සමාගමකට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව කැඳවූ මංගල සැසියේ දී එහි මූලාසන මණ්ඩලය නියෝජනය කරමින් තම අදහස් දැක්වූ ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"පසුගිය කාලයේ බොහෝ විට අමාත්‍ය මණ්ඩලයට රැස්වීමට සිදුවූයේ 'ඔන්ලයින්' ක්‍රමවේදය ඔස්සේයි. ඒ රැස්වීම සජීවීව රැස් වෙනවාට වඩා වෙනස්. සජීවීව රැස් වන විට අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරෙත් යම් කැබිනට් පත්‍රිකාවක් දෙන අවස්ථා ද තිබෙනවා. එහෙම දුන්නාම අපි ඒක බලලා, බලන්න තව කාලයක් අවශ්‍ය නම් තව කාලයක් ඉල්ලනවා.'අද මේක ගන්න එපා' කියා කියනවා. සමහරවිට අපි කියන එක ඇහුවොත් ඒක කල් යනවා, ඊළඟ සතියට ගන්නවා. අපි කියන එක ඇහුවේ නැතොත් ඒක එදාම සාකච්ඡාවට ගන්නවා. එහෙම සාකච්ඡාවට අරන් සමහර ඒවා තිබෙනවා, 'අදම අනුමත වූවා සේ සලකා කටයුතු කරනවා' කියන. එහෙම වුණාම ඊළඟ දවසේ අමාත්‍ය මණ්ඩලය රැස් වුණාම 'මිනිට්ස්'වලදීවත් ඒවා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි, 'ප්‍රමාණවත් කාලයක් තුළ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට කැබිනට් පත්‍රිකා ලැබීම, ඔවුන් ඒවා අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම,තම තමන්ගේ ඒ පිළිබඳ මතය ඉදිරිපත් කිරීම,ඒ මත අවසන් තීරණයක් ගැනීම, යන්න. ඒ තීරණය අමාත්‍ය මණ්ඩල තීරණයයි. අපි ඒ තීරණයට සාමූහිකව වග කියනවා.

'මේ කැබිනට් පත්‍රිකාව ආපු විදිහ'

මේ අද විවාදයට භාජනය වන, බොරුවට අවුරුදු 05කට කීවාට සදාකාලිකවම LNG සැපයීමේ ඒකාධිකාරිය 'නිව් ෆොට්‍රෙස් එනර්ජි' (New Fortress Energy) කියන ඇමරිකානු සමාගමට ලබා දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවාද? දැන් අපි ඔන්ලයින් ඉන්නවා. අපි දන්න සියලු කැබිනට් පත්‍රිකා අනුපිළිවෙලින් කතා කරලා අවසන් වෙනවා. වෙනත් කරුණුවලට එනවා. එතැනදී ගරු මුදල් ඇමතිතුමා අහනවා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගෙන්, 'ලේකම්තුමා අද මමත් එකක් ගෙනාවා,ඒක නැද්ද?" කියා. අමාත්‍ය මණ්ඩල ලේකම්තුමා කියනවා, 'ගරු ඇමතිතුමා ඒක ආවේ මම මෙතැන වාඩි වුණාට පස්සේ. මට තවම ඒක කියවා ගන්නවත් බැරි වුණා. ඔබතුමා පැහැදිලි කරන්න' කියා. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කරන්නේ අමාත්‍ය මණ්ඩල ලේකම්තුමන් විසිනුයි. මම අමාත්‍ය මණ්ඩලයේ මහා දීර්ඝ කාලයක් නොසිටියාට, සිටි කාලය තුළ ඉහත අන්දමේ අවස්ථාවකට මීට පෙර මුහුණ දී නැහැ. මේ සිදුවීම ඒ විදිහට එදා අවසන් වුණා. ඊට පසු දිනයක අමාත්‍ය මණ්ඩලයට එදා ඒ ගෙන ආවේ මොකක්ද කියා, උදය ගම්මන්පිල ඇමැතිතුමා ඇතුළු අපි කිහිප දෙනෙකු සිතමින් ඉන්නා විට මෙන්න 'මිනිට්ස්'වල කැබිනට් තීරණයක් තිබෙනවා, 'අහවල් කැබිනට් පත්‍රිකාව පිළිබඳව මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙන්න මේ මේ තීරණවලට එකඟ විය' කියා. මම බැලුවා ඔළුවට අයිස් කැටයකින් ගහගෙන, 'මේ මොකක් හරි හීනයක් ද' කියා. මෙන්න මෙහෙමයි මේක අනුමත වුණේ. අපි උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නැහැ. බොරු ලියන්න එපා! මේක හොරට ගෙනාවේ, තක්කඩිකමින් ගෙනාවේ.

' හෘද සාක්ෂිය'

ඒ වගේ ක්‍රම පිළිඅරගෙන, ඉවසාගෙන 'ඇමති කට්ට' වෙනුවෙන් හෘදසාක්ෂිය තඩි ගලකට ගැට ගහලා වතුරෙ ඔබාගෙන ඉන්න අපට බැහැ. අපි ඒ සංස්කෘතියට අයිති අය නොවෙයි (අත්පොළසන්). මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරමක් දුන්නේ, විශ්වාස කළේ ඒ බලය වෙන අයට කොල්ලකන්න නොවෙයි. ජනවරමේ තිබෙන සුජාතභාවය, ගෞරවනීයභාවය කෙළෙසන්න නොවෙයි. ' LNG ක්ලීන් එනර්ජි'. ඒක හරි. ඒ ගැන විවාදයක් නැහැ. ජනාධිපතිතුමා බලාපොරොත්තු වන්නේ 'ක්ලීන් එනර්ජි' නොවෙයි, පුනර්ජනනීය බලශක්තියට, 70% දක්වා රට රැගෙන යන්න. LNG කියන්නේ පුනර්ජනනීය බල ශක්තියක් නොවෙයි. ඩීසල්, ගල් අඟුරු වැනි බලාගාර සඳහා යොදා ගන්නා තවත් මාධ්‍යයක් පමණයි. LNG මිල අඩුයි කිව්වාට දැන් වේගයෙන් මිල ඉහළ යමින් තිබෙනවා. තවත් අවුරුදු කිහිපයක් යන විට අනෙකුත් ඉන්ධනවල මිලට වඩා මෙහි මිල ඉහළ යන්නත් පුළුවන්. මේක එහෙම දෙයක්.

දැන් හරි නම් අපි මොකද්ද කරන්න ඕනෙ? ඩලස් ඇමතිතුමාට විදුලිබල ඇමතිකමත් නැතිවුණා. මම දන්නේ නැහැ මේක හේතු වුණාද , කියා. එහෙමත් හිතෙනවා. අපි බලමු විදුලි බල මණ්ඩලයෙන් දාපු ටෙන්ඩර් කෙසේද, කියා. 'ගබඩා නැව' එය එක ටෙන්ඩරයක්. නල එළීම තව ටෙන්ඩරයක්. ගෑස් සැපයීම තියෙන්නේ විදුලි බල මණ්ඩලය අතේ. එවිට දැන් ගල්අගුරු ගන්නවා වගේ කලින් කලට ටෙන්ඩර් කැඳවලා විධිමත් පටිපාටියක් යටතේ LNG මිලදී ගත හැකියි. දැන් ගණන තීරණය කරලා ඉවරයි. බලාගාර පෙදෙස්වලට හොඳට වැස්සාම LNG පාවිච්චිය අඩු වෙනවානේ. ඒත් දැන් අපි පාවිච්චි කළත් නොකළත් ඒ නියමිත LNG ප්‍රමාණය අපි මිලදී ගන්න ඕනෙ.

අනාගතය පාවාදීමක්

ඒ විතරක් නොවෙයි, ශ්‍රී ලංකාව කියන්නේ උපායමාර්ගික වශයෙන් ඉතාම වැදගත් තැනක පිහිටි රටක්. අද ඇමෙරිකාව මේ ඉන්දු - පැසිෆික් කලාපයේ වෙනම මෙහෙයුම් සිදුකරමින් සිටින වෙලාවක්. ඇමරිකාව සෝෆා ඇතුළු තවත් ගිවිසුම් ගහගෙන මේ රටට ඇතුළු වෙන්න වෙර දරපු රටක්. එවැනි රටක සමාගමකට මේ රටට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ගියාම මොකද වෙන්නේ? උදය ගම්මන්පිල ඇමතිතුමා කීවා වගේ ඔවුන් ලංකාවේ දේශපාලනයේ අභ්‍යන්තරය තීරණය කරන, කේවල් කිරීමේ බලය මේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය බවට පත් කරගන්නවා. ඒක අනාගතය පාවාදීමක්, බිල්ලටදීමක්. මේ ඇමැතිකම් තිබුණත් නැතත් අපි මේ රටේ ජීවත් වෙලා, මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ මළ සිරුර පස් වෙන්නේ මේ රටේ. ඒ නිසා අවුරුදු 05කට බලයක් අරන් මුළුමහත් රටේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය මේ රටට සතුරු රටකට හොර පාරෙන් දෙන්න හදන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නැහැ.

අද්භූත සාකච්ඡාවක්'

අමාත්‍ය මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොවුණ නිසා අපට අයිතියක් තිබෙනවා මේ පිළිබඳව ප්‍රශ්න කරන්න. ප්‍රමාණවත් සාකච්ඡාවක් නොවෙයි, 'අද්භූත සාකච්ඡාවක්' සිදු වුණේ. ඒක ඊළඟ සතියේ සාකච්ඡාවට ගන්නත් බැහැ, එදාම අනුමත වූවා සේ තීන්දු අරන්. එහෙම ඒවායේ 'මේ මිනිට්ස් වැරදියි නේද' කියා අහන්න බැහැ. ඒ හින්දා මමත් වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමතිතුමන්ලාත් 'අප දන්නා පරිදි මෙවැනි සාකච්ඡාවක් සිදු වූයේ නැහැ. මෙය වැරදි පූර්වාදර්ශයක්. එය නොවිය යුත්තක්' බව ලිඛිතව දැනුම් දුන්නා. අපට ඕනෙ නැහැ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපට උවමනා නැහැ එළියෙ ඉන්න විරුද්ධ පක්ෂයේ දේශපාලන වශයෙන් නන්නත්තාර වුණු අයට ජීවය දෙන්න. අපිට ඕනේ ජනවරමට අනුකූල පාරේ මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකීම අපි අතහරින්නේ නැහැ (අත්පොළසන්). කවුරුහරි හිතනවානම් අපි දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න චරිත රඟ දක්වන්න ඉන්න අය කියලා, නැහැ මහත්වරුනි ඒක එහෙම නොවෙයි. හරි දේ වෙනුවෙන්, රටට යහපත් දේ වෙනුවෙන් අපි අපේ හඬ නැගීම නතර නොකර ඉදිරියට රැගෙන යනවා. ඒ වෙනුවෙන් එන්න තිබෙන ඕනෑම තර්ජනයකට, ඒ වෙනුවෙන් කරන්න තිබෙන ඕනෑම කැපකිරීමකට ලෑස්ති පිට තමයි අපි මේ මහජන මන්ත්‍රණ සභාව අද ආරම්භ කළේ.

තවමත් එක ගිවිසුමයි මේ ක්‍රියාවලියට අදාළව අත්සන් කර ඇත්තේ. නල මාර්ග එළීම, වායු ගබඩා කිරීම හා සැපයුම් ක්‍රියාවලියට අදාළ තව ගිවිසුම් දෙකක් එන්න තිබෙනවා. ඒ ගිවිසුම් දෙක අත්සන් කිරීමට ඉඩ නොදිය යුතුයි. ඇමරිකානු සමාගමකට ගෑස් සැපයුමේ ඒකාධිකාරිය සදාකල් ලබාදීමට ඉඩ නොදිය යුතුයි (අත්පොළසන්). එය නතර කිරීම සඳහා, ආණ්ඩුව ඇතුළේ සිට හෝ ඉන් එළියට වැටුණත් අපි අපට පුළුවන් උපරිමයෙන් අපේ යුතුකම ඉටු කරනවා. ඒ වගේම අපි සියලු රටවැසියන්ගෙන් ඉල්ලනවා මේ මොහොතේ ඔබේ යුතුකම ඉටුකරන්න තියා.

කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි.

අපි මේ වෙලාවේ විපක්ෂයේ හිටියානම්, වෙන ආණ්ඩුවක් නම් මේක කරන්නේ දැන් මේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න අයත් කෑගහනවානේ, මේකට විරුද්ධව. අපේ ආණ්ඩුවක් වැරැද්දක් කරනවා නම් අපි ඉන්න ඕනේ ශබ්ද නැතිවද? වෙන ආණ්ඩුවක් වැරැද්දක් කරනවා නම් විතරද අපි කෑ ගහන්න ඕනේ? කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. එයාලා කරනවාට වඩා බරපතලයි අපි කරන එක ඒ වැරැද්ද. ඒ ඇයි? මේ රටේ මිනිස්සු අපි කෙරෙහි තැබුවේ නිර්මල විශ්වාසයක්. ඒ විශ්වාසය මෙහෙම දේවල් වෙයි, කියලා හීනෙකින්වත් නොහිතපු විශ්වාසයක්. මේ රටේ වෘත්තිකයන්, බුද්ධිමතුන්, ගමේ අහිංසක ජනයා ඒ හැමදෙනාම ඡන්දපොළට ඇවිත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්නේ 'අද්භූත කැබිනට් පත්‍රිකා අනුමත කරන ක්‍රමයකින්' මේ වගේ තීරණාත්මක දේවල් සිදුවෙන්න ඉඩ දෙන්න නොවෙයි.

මේ අපරාධය සිදු වෙන්න ඉඩ දෙන්න එපා!

ඒ නිසා අපි එතුමාට ඉතා ගෞරවයෙන් කියනවා, 'කරුණාකරලා මේ අපරාධය සිදු වෙන්න ඉඩ දෙන්න එපා. මේ, රටට සතුරු ව්‍යාපෘතිය නතර කරලා, විදුලි බල මණ්ඩලය කැඳවා ඇති ටෙන්ඩර අනුව, ඒ නීත්‍යනුකුල පටිපාටිය අනුව, ගෑස් සැපයීමේ බලය විදුලිබල මණ්ඩලය සතුව තබා ගෙන ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න' කියා.

ඒ වගේම අපි සියයට දාහක් එකඟයි පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට. ඒක ව්‍යාප්ත කරන්න කැප වෙන්න අපි සියලුදෙනාම ලෑස්තියි, කියන එකත් සිහිපත් කරනවා.

'මේ මහා පාවාදීම පරාජයට පත් කිරීමට අපි සියලුදෙනාම කැපවෙමු!' කියා ඇරයුම් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා!"

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් පැවති මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසියේදී පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සිදු කළහ. මහජන මන්ත්‍රණ සභාවේ මුලාසන මණ්ඩලය වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභික, විදුලි ඉංජිනේරු අතුල වන්නිආරච්චි සහ ජීව බල විදුලි සංගමයේ විදුලි ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ යන විද්වත්හු කෙටි දෙසුම් පැවැත්වූහ.

මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.

එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මූලාසන මණ්ඩලය නියෝජනය කළහ.

මෙම අවස්ථාවට ඕමාරේ කස්සප නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වත්හු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද රැසක් එක්ව සිටියහ.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හොරට ගෙනා කැබිනට් පත්‍රිකාව ගැන විමල් මහජන මන්ත්‍රණ සභාවේ කියයි
හොරට ගෙනා කැබිනට් පත්‍රිකාව ගැන විමල් මහජන මන්ත්‍රණ සභාවේ කියයි
"ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි' සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සදාකාලිකවම ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ගෙනාවේ හොරට - තක්කඩිකමින්"
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhfzaZkYdqPh8fOqlQAfi_Hcs8Hga7auhRXeyCJA3Xnw7e6fAiRqrx3-2XMiH14J1-1EY8EKbttQgU7BKn-cCm5wVN2mE2zwO5C5TTFLJj1sXAkYY6VaytP_Q3TTrXzFXPgbinEMcLkkkoHemAx54OkEMrufcllTwNw5eabqxbwMrtX4uyY1dmXXbdL=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhfzaZkYdqPh8fOqlQAfi_Hcs8Hga7auhRXeyCJA3Xnw7e6fAiRqrx3-2XMiH14J1-1EY8EKbttQgU7BKn-cCm5wVN2mE2zwO5C5TTFLJj1sXAkYY6VaytP_Q3TTrXzFXPgbinEMcLkkkoHemAx54OkEMrufcllTwNw5eabqxbwMrtX4uyY1dmXXbdL=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/11/02-wimal-tells-the-house-about-the-forged-cabinet-paper.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/11/02-wimal-tells-the-house-about-the-forged-cabinet-paper.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content