එක්සත් ජනපදයේ නවතම අධ්‍යයනයන්ට අනුව Covid 19 ට එරෙහි ව ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් තුළින් ලැබෙන ආරක්ෂාව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
මෙම එන්නත් ලබා ගත් පුද්ගලයන් ලක්ෂ 8 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදුකරන ලද පරීක්ෂණයක දී මෙම තොරතුරු හෙළිදරව් වී ඇති අතර සමස්ත එන්නත් ආරක්ෂණය මෙම වසරේ පෙබරවාරි මාසයේ 87.9% සිට ඔක්තෝබර් වන විට 48.1% දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතරින් විශාලතම පරිහානිය වාර්තා වන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ වන අතර එය පසුගිය මාර්තු මාසේ 86% සිට සැප්තැම්බර් මාසය වන විට 13% දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම ෆයිසර් එන්නතේ ඵලදායිතාව පහත වැටීම 89% සිට 58% දක්වා වන අතර මොඩර්නා එන්නත 87% සිට 43% දක්වා පහළ බැස ඇත.
මේ පිළිබඳව ඇමරිකාවේ පළවන 'සයන්ස්' සඟරාවේ ද ඇතුළත් කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



