ඉදිරි දින කිහිපය තුලදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැතිබවත් ඔවුන් නිවේදය කරනවා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට එසේම, දැදුරු ඔය, රාජාංගණය, වෙහෙරගල, මහවිලච්චිය, යෝධ වැව, නාලන්ද සහ තම්බෝව යන ජලාශ වල විවෘත කළ වාන් දොරටු තවමත් විවෘත ව පවතිනවා.
එමෙන්ම මාතලේ, බදුල්ල, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ඊයේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හෙට දක්වා දීර්ඝ කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



