රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් අයවැයෙන් ඉටු නොකළොත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල මාවතට පිවිසෙන බව රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනය සඳහන් කරනවා.
එම සංගමයේ සභාපති මැද කොළඹ සමගි ජන බලවේග ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මේ බව ප්‍රකාශ කරනවා.
රජය දකුණු ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපටි වල දාන සෙල්ලම් දමමින් ජනතාව අන්දවන බවත් ඒසේ අන්දන්නේ නැතිව අමාරුවෙන් හුස්ම අල්ලාගෙන සිටින රටේ මහජනතාවට අයවැයෙන්වත් සහනයක් ලබා දෙන්නැයි ද ඔහු වැඩිදුරටත් සඳවන් කරනවා.
ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට රටේ ජනතාව හූරා ගෙන කන්න පුළුවන් පරිසරයක් මේ ආණ්ඩුව විසින්ම නිර්මාණය කර ඇතැයි ද ඒ නිසා සමස්ත සමාජයම දැඩි පීඩනයකට ගොදුරු වී ඇතැයිද ඔහු සඳහන් කළා.



