නිරන්තර අනතුරු ඇඟවීම් නොතකා සාමාන්‍ය ජනතාව සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හැසිරීම නිසා ඉදිරියේ දී දැඩි සීමාවන් පැනවීමට බලධාරීන්ට සිදුවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාව තවමත් මුළුමනින් ම කොරෝනා වෛරසයෙන් මිදී නැති බව ජනතාව මතක තබා ගැනීම අත්‍යවශ්‍ය බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක අධ්යක්ෂවරයා අවධාරණය කරනවා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය දිනවල පැවති සාද සහ මංගල උත්සව රෝගය තවත් පැතිරෙන ආකාරයට පවත්වා ඇති බැවින් අකමැත්තෙන් වුවද යළි සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.
දින 16කට පසු ඊයේ (06) දිනයේ දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 600 ඉක්මවා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



