ඓතිහාසික රුහුණු, කතරගම මහදේවාලය සතුව තිබූ පවුම් 38 ක රත්‍රං තැටියක් සොරා ගැනීමක් සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
2019 වසරේ දී, රුහුණු කතරගම මහා දේවාලය වෙත බැතිමතෙකු විසින් පූජා කර තිබෙනවා. මෙම රන් තැටිය අතුරුදන්ව ඇති බවට පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතා වෙත ලැබුණු පැමිණිල්ලක් මත අදාළ විමර්ශනය ආරම්භ කර ඇත.
ඒම විමර්ශණ වලදී හෙළිවූ පරිදි මෙම තැටිය දේවාලය වෙත පූජා කොට ඇත්තේ අංගොඩ ලොක්කාගේ බිරිය විසින් 2019 ජුලි මස කතරගම පෙරහැරට පැවති අවස්ථාවකයි.
කොලොන්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වු මෙම කාන්තාවට කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව වාර්තාවේ.
මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගැනීම සදහා පොලිසිය ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මෙම රන් තැටිය මීට වසර ට පමණ කාලය සිට අතුරුදන්ව ඇති බවත් , ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පොලිිස් ආරංචි මාර්ග කියයි
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ගේ ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.