පොදු ස්ථානවලට ගමන් කරන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශකරයි.
මේ පිළිබඳව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් බවට සහතික කර ගැනීම සඳහා තමා ඒන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සිදුකිරීමට කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා මෙම තීරණයට විරුද්ධව යමකු අධිකරණයට ගියොත් ඊටද මුහුණ දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
ලෝකයේ රටවල් ගණනාවක් පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බවත් එන්නත් ලබා ගැනීම පිළිබඳව පරිගණක ඇප් එකක් හඳුන්වාදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ලෝකය පුරා විවිධ එන්නත් වර්ග සම්බන්ධයෙන් නානාවිධ තොරතුරු ගලා යමින් පවතින බව පැවසූ හෙතෙම එම තොරතුරු පිළිගෙන ලෝක ගමනට බැහැරව යා නොහැකි බවද සඳහන් කළේය.