එක්ස්ප්‍රස් පර්ල් (Xpress Pearl) නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානියට දැනට වන්දි දී ඇත්තේ දින පහක කොටසකට පමණයි.අපට ලැබුණු වෙනත් වන්දි වලින් වැඩි කොටසක් ධීවරයන්ට දෙන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා .ඒ අනුව ලැබුණු රුපියල් මිලියන 720 ක මුදලකින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව සඳහා මූලික වන්දියක් ලෙස ගෙවා තිබෙනවා.
එම මුදලින් ගම්පහ කොළඹ කළුතර තහනම් කලාප කොටසේ 14400කට වැඩි ජනතාවකට සෘජුවම ඔවුන්ගේ ගිණුම් වලට වන්දි මුදල් බැර කර තිබෙනවා. ඉතිරි වන්දිය මුදලුත් අපට ලැබෙන පරිදි වන්දි ලැබිය යුතු ධීවරයන්ගේ ගිණුම් වල තැන්පත් කරනවා යනුවෙන් ද කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.