පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද ( 8) උදෑසන වනවිට අධි ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාර්තාවේ.
අද උදෑසන 6 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 4 දශම 87 දක්වා ඉහළ ගොස් තිබූ බවත් මෙය අධි ගංවතුර මට්ටමට ආසන්න බැවින් ඔය පිටාර ගැලීම අවදානම් තත්ත්වයක පවතින බවත් ගම්පහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය.
අත්තනගලු පිටාර ගැලීමෙන් පහත් බිම් ජලයෙන් යටවීම වලක්වාලීම පිනිස ඔයට සම්බන්ධ අමුණු 38 විවෘත කිරීමට පියවර ගෙන ඇති බව සදහන් කළ සුරවීර මහතා, පහත් බිම් ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සැලකිල්ලෙන් පසුවිය යුතු බවද අවධාරණය කර සිටිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.