යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිව ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ කෙසේ වෙතත් දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට යාමේ සූදානමක් නොමැති බවයි.
මෙලෙස වැඩ වර්ජනයකට යාමෙන් රටේ ජනතාව දැඩි අපහසු තාවයකට පත්වන බවත් රජය විසින් මීට නිසි පිළිතුරු ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.