එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ආහාර ඉල්ලුම වැඩිවීම සහ දුර්වල අස්වැන්න හේතුවෙන් දශකයකට වැඩි කාලයක් තුළ ලෝක ආහාර මිල ඉහළ ම මට්ටමට ළඟා වී ඇති බව වාර්තා වනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දර්ශකයට අනුව අඛණ්ඩව තුන්වන මාසයටත් සැප්තැම්බර් මාසයට වඩා 3% කින් ඔක්තෝම්බර් මාසයේ ආහාර මිල ගණන් වැඩි වී ඇත. මෙයට මූලිකම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එළවළු තෙල් සහ තිරිඟු මිල අධික ලෙස ඉහළ යෑමයි.
FAO ආයතනය ආහාර මිල දර්ශකය හා භාණ්ඩ මිල ගණන් වෙනස්වීම පිළිබඳ මාසිකව නිරීක්ෂණය කරන අතර පසුගිය වසරක කාලය තුළ පමණක් එම දර්ශකය 30% කට වඩා ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරන ආකාරයට කැනඩාව, රුසියාව සහ එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන අපනයනකරුවන්ගේ අස්වැන්න අඩුවීම හේතුවෙන් අනෙකුත් වාණිජ බෝගවලට වඩා වැඩි භූමි ප්‍රමාණයක වගා කරන තිරිඟු මිල ද පසුගිය මාසය තුල 5% කින් ඉහළ ගොස් ඇති අතර බාර්ලි සහල් සහ පාම්, සෝයා සහ සූරියකාන්ත තෙල් මිල ද 9.6% කින් ඉහළ ගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.