2017 වසරේදී පළමු වරට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් හඳුනාගත් සිකා වෛරසය මේ වන විට නැවතත් එරට ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත.
ඒ අනුව ඉන්දියාවේ වැඩිම ජනග්‍රහනයක් වාර්තා වන උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද කාන්පූර් නගරයෙන් ද ආසාදිතයින් හමු වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිතයින් 89 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බවයි වාර්තා වන්නේ.
මදුරුවන් මගින් බෝ වන මෙම වෛරසය ගර්භණී මවකට වැළඳුනහොත් ඉපදෙන දරුවාගේ මොළය හැකිලීමේ ප්‍රවණතාවක් ඇති අතර ප්‍රතිශක්තිය අඩු කරන දුර්ලභ Guillain Barre Syndrome රෝගී තත්වය ද හට ගන්නා බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව මෙම වෛරසය ලිංගිකව ද සම්ප්‍රේෂණය වන බව සොයාගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.