පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් අද උදෑසන කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, දොඹේමඩ - උඩගලදෙණිය ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනකු මියගොස් තිබේ.
මරණයට පත්ව ඇත්තේ සුරංගනි ලක්ෂිකා -මව (36), කසුනි මාරසිංහ - දුව ( 08) සහ පවුලේ ඥාති දියණිය වන මධුශිකා (13) යන තිදෙනා බව අනාවරණය වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
සිද්ධිය පිළිබඳ සැලවූ වහාම එම ස්ථානයට පැමිණි යුධහමුදා සිංහ රෙජිමේන්තුවේ 32 ගෙන් සමන්විත භට පිරිසක් ආපදාවට ලක්වූ නිවැසියන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වූහ. සහන කණ්ඩායම් ද උදෑසන වන විට එම ස්ථානයට ළඟා වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මුදවාගත් පවුලේ සාමාජිකයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා වහාම රඹුක්කන රෝහල වෙත ඇතුළත් කරන ලද අතර, ඔවුන් අතරින් මව සහ දියණියන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම පවුලේ පියා පියා බරපතල තත්ත්වයේ පසුවෙන අතර ඔහු රෝහල්ගත කර තිබේ.
පස් කන්දක් නිවෙස මතට කඩා වැටීමන් මෙම අනතුර සිදුව තිබේ. මේ වන විට රඹුක්කන ඇතුළු ප්‍රදේශවලට දැඩ වර්ෂාවක් ඇද හැළෙමින් පවතින අධික වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදුව තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.