ඊයේ දින ඇද හැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායයෑමක් සිදුවී තිබේ.
මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන දුමිරිය ස්ථානයට ඉහළින්.
මෙම නාය යෑම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට ඉහළට ධාවනය වන සියලු දුම්රියයන් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙන් පැවසීය.
නාය යෑමෙන් දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශවී ගෙස් ඇති අතර දෙවන වේදිකාවේ කොටසක් ද කැඩී ගොස් තිබේ.
මේ අතර පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා ද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.