කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කෑගල්ල පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මව පියා සහ පුතා පස් කන්දට යටවී මෙන් පියා සහ පුතා අතුරුදන්වී සිටි අතර පැය පහක පමණ මෙහෙයෙකුමකින් පසු අද දහවල් පියාගේ සහ පුතාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි. එම නිවසේ සිට මව රෝහල්ගත කර ඇතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මව මේ වන විට කෑගල්ල රෝහලට රැගෙන ආ අතර ඇයගේ තත්ත්වයද බරපතල බව රෝහල් ආරංචි මර්ග පවසයි.
කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇත.
වයස අවුරුදු 65 සහ 70 වයසේ පසුවන්නන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.