අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදින් අවසන් වීමට නියමිත ව තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම 2021.11.20 දින දක්වා දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ නිල ජංගම දුරකථන යෙදවුම (app) වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.
එමෙන්ම 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස 01 වන දා සිට 11 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.