ගුරුවරුන්ගේ හා විදුහල්පති වරුන්ගේ වැටුප් ගැටළුවට විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එකඟවී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ගුරු සංගම් නියෝජිතයන්ට පොරොන්දුවක් වී තිබේ.
ඒනම් වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගුරු සංගම් හා විදුහල්පති සංගම් ඉල්ලා සිටි ප්‍රධාන යෝජනාව ඒ මගින් ඉටුවන බව ද මගින් ඉටු වන බවද ස්ටාලින් මහතා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.