2022 වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය (2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත) දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 2.00 ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
මෙය පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ දෙවැනි අයවැයවන අතර මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය ලේඛනය ද වෙයි. අසේම මෙය ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු කියවන 76 චන අයවැය ලේඛනයයි.
වෙළෙඳපොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් යටතේ මෙම අයවැය සකස් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම කර්තව්‍යය සඳහා චන ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නව තාක්ෂණය හා මුසුකොට රට සංවර්ධනය කරා රැගෙන යාම ඉලක්ක කර ගත් යෝජනා මෙවර අයවැය ලේඛනයට ඇතුළත් චනු ඇති බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා යොදා ගැනීම සේම මුහුණ පා සිටින විදේශ විනිමය ගැටලුව අවම කිරීම සඳහා චන ක්‍රියාමාර්ග ද 2022 වසරේ අයවැය ලේඛනයට ඇතුළත් වන බව මුදල් අමාත්‍යාංශය කීය.
පශ්චාත් කොචිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය යථාවත් කිරීමේ යෝජනා රැසක් ද අයවැය ලේඛනයට ඇතුළත් බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව 2022 වසරේ රටේ සමස්ත වියදම රුපියල් බිලියන 5128ක් පමණ වේ. ඊට රාජ්‍ය සේවය වැටුප්, සහනාධාර, සුබ සාධන, ණය පොලී ආපසු ගෙවීම්, සංවර්ධන ආයෝජන සඳහා චන වියදම් ඇතුළත් ය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය 13 වැනි සෙනසුරාදා ආරම්භ කෙරේ. ලබන 22 වැනි අගහරුවාදා පස්වරු 5ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
අයවැය තුන් වෙනි චර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ 23 වැනි අගහරුවාදායි. දින 16ක් චිවාද කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 10 වැනිදා පස්වරු 5ට අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.