හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බකමූණ නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටින ගොවීන් හමුවීමට ගොස් තිබේ.
මෙහිදී ඒම ගොවීන් ඇමතෑ හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ "මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ" යනුවෙනුයි.
මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව ගොවිතැනට පොහොර ලබා දෙන ලෙසට බලපළකරමින් ඉකුත් 24 වැනිදා මෙම අඛණ්ඩව උපවාසය ආරම්භ තර ඇතැයි ද ගොවි උපවාසයට අදට දින අටක් ගත වී ඇතැයි ද ගොවීහු එහිදි හිටපු ජනාධිපතිවරයා සමග පැවසීය.
මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර එල්ල කරනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා කිවුවා . ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැහැ. යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසීය.
නැවත බලයට පත්වුව හොත්වී ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේද යවුවෙන් ගොවියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ. තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත්දුරටත් සඳහන් කළේය.
ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන්නේ නැහැ ,ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොරවලින් සීයට 50කින් පමණ බව ද සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
තමා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණ බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමුවරට මිනීපෙට්ටිවලට පවා තමා කර ගැහූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.