කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයන් 1,170,000 ක් මෙරට සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පසුගිය සති කිහිපය තුළ සිදුකළ සමීක්ෂණයකට අනුව අවුරුදු 20-29 අතර පුද්ගලයන් 719,000 ක් ද අවුරුදු 30-60 අතර පුද්ගලයන් 386,408 ක් ද අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 64,234 ක් ද මේ දක්වා එකදු එන්නත් මාත්‍රාවක් වත් ලබා ගෙන නැති බව වාර්තා වනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එච්.එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ ග්‍රාමීය මට්ටමෙන් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති පසුබිමක ඇතැම් පිරිස් මෙලෙස කටයුතු කිරීම කනගාටුදායක බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.