දේශගුණික විපර්යාස හේතුවෙන් එවරස්ට් කඳු මුදුනේ ඇති උසින් වැඩිම ග්ලැසියරය වේගයෙන් දියවී යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී ඇත.
විශ්ව විද්‍යාල පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය වසර 25 තුළ දකුණු කොල් (south col )ග්ලැසියරයේ ඝණකම අඩි එකසිය 180කට (54 m) වඩා අඩු වී ඇති බව සොයාගෙන තිබෙනවා.
වායුගෝලයේ අධික උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 7906 ක් (අඩි 25,938) පමණ ඉහළින් පිහිටා ඇති ග්ලැසියරය , එය මුලින් පැවති ප්‍රමාණයට වඩා 80 ගුණයක් වේගයෙන් තුනී වන බව වාර්තා වනවා.
එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ග්ලැසියරයේ ඝණ හිම තට්ටුව ඛාදනය වී ඇති අතර යටින් පවතින කළු අයිස් හිරු එළියට නිරාවරණය වීම මගින් දියවීමේ ක්‍රියාවලිය වේගවත් කරන බවයි.
පර්යේෂකයන් පවසන්නේ බිලියනයක පමණ ජනතාව හිමාල කඳුවැටිය ආශ්‍රයෙන් තම පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා අතර එම කලාපයේ අනෙකුත් ග්ලැසියර මෙන් ම ලොව පුරා ඇති ග්ලැසියර ද මෙලෙස දියවීමට පටන් ගතහොත් පානීය සහ වාරිමාර්ග සඳහා ජලය සැපයීමේ ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටිය හැකි බවයි.
මෙම තත්ත්වය අනාගතයේ දී කඳු නගින්නන්ටද වඩාත් අභියෝගයක් විය හැකි අතර ලෝකය පුරා ඇති ග්ලැසියර ඉතාමත් වේගයෙන් දිය වෙමින් පවතින බව පසුගිය වසර තුළ ප්‍රංශ පර්යේෂකයන් කණ්ඩායමක් නිගමනය කර තිබෙනවා.