අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පෞද්ගලික ජෙට් යානයක් භාවිත කරමින් ඉන්දියාවේ තිරුපති විහාරස්ථානයට ගිය සංචාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කරන ලද පැමිණිල්ල පිළිබඳ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර විසින් 2021 දෙසැම්බර් 31 වන දා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් අල්ලස් පනතට පටහැනිව මෙම පෞද්ගලික ජෙට් යානය තෑග්ගක් ලෙස ලබාගත්තේ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රයකු විසින් තිරුපති සංචාරය සඳහා එම යානය නොමිලේ ලබාදුන් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.