පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන ගෙන යන සටනට ප්‍රැන්සිස් පාප්වහන්සේ සහයෝගය ලබාදෙන බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ තමාගේ කනගාටුව පළ කරමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප්වහන්සේට ලිඛිතව දැනුම්දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාප් වහන්සේගේ සහාය ලබාදෙන බවට ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වනවා.
පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ සඳහන් කළේ ශ්‍රී ලංකා රජය යුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් වුවද පැවැත්වීමට පල්ලිය සූදානම් බවයි.
එමෙන් ම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම රට පාවා දීමේ ප්‍රයත්නයක් ලෙස නොසැලකිය යුතු බවත් කතෝලික සභාව විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයක් සපුරාලීම සඳහා ක්‍රියාකරන බවට සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ගරු සිරිල් ගාමිණි පියතුමා සදහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.