2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඉවත් කළ බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධානයේ අධ්‍යක්ෂ මෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක ලෙස තමා සතු බලතල ප්‍රකාරව ' ශ්‍රී ලංකා විවාහක රූ රැජින' නාමය ඉවත් කරන බවත් මෙතැන් පටන් දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් එම නාමය භාවිත කළහොත් නීතිමය පියවර ගන්නා බවයි.
පසුගියදා ඇමරිකාවේ පැවති 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වීමෙන් පසුව ඇගේ හැසිරීම සැබෑ රූප රැජිනියකට නොගැළපෙන බවත් විශේෂයෙන්ම රට නියෝජනය කරන අයෙකුට එවැනි හැසිරීමක් කිසිසේත් සුදුසු නොවන බවත් චන්දිමාල් ජයසිංහ මහතා අවධාරණය කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.