අද (11) පෙරවරුවේ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක්පීළි පැනීම හේතුවෙන් උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනයට බාධාඑල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ අනුව වටවල දක්වා පමණක් දුම්රිය ධාවනය වන අතර එතැන් සිට බස් රථ යොදාගෙන මගීන් මාරු කර යැවීමටකටයුතු කරන බව වාර්තා වනවා.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙසේ පීළි පැනීමට ලක් ව ඇත.
පීලි පැනීමට ලක් වූ දුම්රිය යථා තත්වයට පත් කරන තුරු දුම්රිය ධාවනය ප්‍රමාද වන බව පාලක මැදිරිය සඳහන් කළා.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙසේ පීළි පැනීමට ලක් ව ඇත.
පීලි පැනීමට ලක් වූ දුම්රිය යථා තත්වයට පත් කරන තුරු දුම්රිය ධාවනය ප්‍රමාද වන බව පාලක මැදිරිය සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.