ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ශ්‍රී ලංකාවට පැමිණීම තමාට ඉමහත් ගෞරවයක් බව පවසනවා.
එමෙන්ම තමා පිළිගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වන අතර බොහෝ පාර්ශ්ව හමුවීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් ඉගෙන ගැනීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ (18) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සුන්දර දිවයින තුළ එක්සත් ජනපදය නියෝජනය කරන්නට ලැබීම පිළිබඳ තමයි ඉතා සතුටට පත්වන බවයි.
සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සඳහා නව ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ඊයේ (18) පස්වරුවේ දිවයිනට පැමිණියා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



