ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ නෞකාවක ඊයේ (18) හටගත් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා හා යාත්‍රා කරමින් තිබූ යුරෝෆෙරි ඔලිම්පියා නෞකාවේ මෝටර් රථ අංගනයක මෙම ගින්න හටගෙන ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම්වලට පුද්ගලයින් 290 දෙනෙකු ඉවත් කර ගැනීමට හැකිවී තිබෙනවා.
ඉතාලි සමාගමකට අයත් මෙම නෞකාවේ මගීන් 239 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 51 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි දෙනෙක් ඉතාලි ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
ග්‍රීක මාධ්‍ය පවසන්නේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන විට ඇතැම් පුද්ගලයන් තම වාහනවල නිදාගෙන සිට ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



