සත්ව ආහාර සඳහා සුදුසු මට්ටමේ ඉතා පරණ තත්ත්වයේ වී තොගයක් මිලදී ගත් වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
මෙම කන්නයේ දී පොහොර අර්බුදයට මුහුණ පෑ ගොවීන්ගේ වී තොග රුපියල් 90ක සහනදායි මිලකට රජය විසින් මිලදී ගැනීමට තීරණය කළා. ඒ අනුව එම කටයුතු භාර වී තිබුණේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවන් වෙතයි.
මෙම නිලධාරීන් විසින් අලුත් වී මිලදී ගන්නා බව හඟවමින් භාවිතයට නුසුදුසු පරණ වී තොගයක් ද මිලට ගෙන ඇත.
ඒ අනුව නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක ගබඩා කර තිබියදී වී කිලෝ ලක්ෂ තුනක් සොයාගෙන තිබෙනවා.
මෙම නීති විරෝධී වී මිලදී ගැනීම සහ ගබඩා කිරීමට සම්බන්ධ වී අලෙවි මන්ඩලයේ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවීමට කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නියෝග කර තිබෙනවා.
අදාළ ගබඩා තුළ වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඒ අතරින් වී කිලෝ ග්‍රෑම් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ ගබඩා දෙක විගණන නිලධාරීන් විසින් මේ වන විට මුද්‍රා තබා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන කටයුතු පැවැත්වීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



