පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලක පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම නිසා ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන Fill T අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උත්සවය පැවති ස්ථානය ආසන්නයේ අසභ්‍ය වචන භාවිත කරමින් අශෝභන ලෙස හැසිරුණු ඔහුට එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අවවාද කර පිටව යන ලෙස පවසා ඇත.
පොලිස් අණ නොතකා ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණය ද ගැලවීමට ඔහු උත්සාහ කර ඇති අතර සාපරාධි බලහත්කාරකම් පෑම යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



