ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ඉන්දියාව සමග පැවැත්වෙන 20-20 තරගාවලියෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
ඔහු පසුගිය සතියේ කිලෝමීටර් දෙකක යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති නමුත් SKINFOLD මට්ටමට ළඟා වී නැති නිසා මෙම තීරණය ගෙන ඇත.
භානුක රාජපක්ෂ ඉන්දියානු සංචාරයට එක්වීම සඳහා මේ වන විට ජෛව ආරක්ෂක බුබුලේ සිටින නමුත් ඔහු මෙවර ඉන්දීය තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකරන බව තේරීම් කමිටුව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



