යුක්රේනය තුළ පවතින වාතාවරණය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ශ්‍රේණියේ සංචාරය කිරීමෙන් වලකින්න යි විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙනවා.
ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් පවතින බැවින් සුපරික්ෂාකාරී වන ලෙසත් තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින ලෙසත් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ එරට රැඳී සිටින සිසුන් 14 දෙනෙක් ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් සමග අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමීප සම්බන්ධතා පවත්වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



