මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචි ප්‍රදේශයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පිලියන්දල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලීමෙන් අනතුරුවයි.
ඒ අනුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව කටයුතු කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සුදුසු ආරක්ෂාවක් සපයන ලෙස පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
පසුගිය පෙබරවාරි දාහතර වන දා 14 වනදා ඔහුගේ නිවසට නාදුනන කණ්ඩායමක් විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



