එළඹෙන බ්‍රහස්පතින්දා (24) සිට එංගලන්තය තුළ ක්‍රියාත්මකව තිබෙන සියලුම කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ට පනවා ඇති අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රමවේදය සහ නොමිලයේ සිදු කරන කොවිඩ් පරීක්ෂණ ද අප්‍රේල් 01වනදා සිට නවතා දමන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.
එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Chris Whitty පවසන්නේ තවමත් එංගලන්තය තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ඉතාමත් ඉහළ නමුත් මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බවයි.
එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවලට අනුව එංගලන්තයේ පුද්ගලයින් විසි දෙනකුගෙන් එක් අයකුට කොවිඩ් වෛරසය ඇති බව ඇස්තමේන්තු කරනවා.
එවන් පසුබිමක අග්‍රමාත්‍යවරයා ගත් මෙම තීරණය එරට විද්‍යාඥයින්ගේ සහ විරුද්ධ පාක්ෂිකයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



