සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන්, ඩෙංගු සහ වෛරස් උණ යන රෝග ත්‍රිත්වය හේතුවෙන් පසුගිය සති තුන ඇතුළත පැරසිටමෝල් පෙති සඳහා ඇති ඉල්ලුම 275% කින් ඉහළ ගොස් ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ලෝක වෙළඳපළෙහි පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා බොහෝ සමාගම් ඒවා ආනයනය නොකිරීම නිසා දේශීය වෙළඳපොළ තුළ පැරසිටමෝල් පෙති හිඟයක් තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එබැවින් අවශ්‍ය පැරසිටමෝල් පෙති තොග උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවත් ඊයේ දිනයේ පමණක් පැරසිටමෝල් පෙති මිලියන 3.2 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බවත් වාර්තා වනවා.
එමෙන්ම ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ඉල්ලා විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (18) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අමාත්‍යවරයා උපදෙස් දුන් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



