ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියට අදාල සංචිතයෙන් භානුක රාජපක්ෂ ඉවත් කිරීමට විරෝධය පාමින් ක්‍රීඩා ලෝලීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා.
ඒ භානුක රාජපක්ෂ යළිත් කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙස ක්‍රිකට් බලධාරීන්ට බලකරමින්.
මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ කටයුතුවලට ඇඟිලි ගසමින් ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය ලෙස කණ්ඩායම් තේරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පහළ වැටී තිබූ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



