නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අද (24) දහවල් 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
මෙම අයදුම්පත් විශේෂ කමිටුවක් මගින් පරීක්ෂාවට ලක් කර සුදුසුකම් සපුරා ඇති දේශපාලන පක්ෂ විශේෂ පරීක්ෂණයකට යොමු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ වන විට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඉන් දේශපාලන පක්ෂ 06ක් නීතිමය ගැටලු හේතුවෙන් අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



