අමාත්‍යාංශ කිහිපයක විශය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ඇති ආයතන සඳහා විශේෂ ප්‍රමුඛතා,ආයතනික සහ නීතිමය රාමුව පිළිබඳ සඳහන් කරමින් රජය මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් පත්‍රයට අනුව මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය යන ආයතනවල නීතිමය රාමුව සංශෝධනය කර තිබෙනවා.



