ආරක්ෂක හිස්වැසුමකින් පහර දී රිදීගම පොලිස් වසමේ සමගි මාවත, දේවාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය පසුගියදා යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බවත් එම අනතුර සිදුකළ යතුරුපැදිකරු සොයා ගොස් ඒ පිළිබඳ විමසීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති බවත් වාර්තා වෙනවා.
පොලිසිය පවසන්නේ එම අවස්ථාවේ අදාල යතුරුපැදිකරු විසින් ආරක්ෂක හිස්වැස්මෙන් පහර දී එම කාන්තාව ඝාතනය කර ඇති බවයි.
එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි සැකකරු මේ වන විට රිදීගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



