ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගමේ බහු විවාහ ක්‍රමයට මතු වී තිබෙන ගැටලු විසඳා ගැනීමේ අරමුණෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ලොව පුරා සිටින ඉස්ලාම් ආගමිකයන්ට මෙම බහු විවාහක අවස්ථාව ලැබී ඇති නමුත් ශ්‍රී ලංකාව තුළ එය අදාල ආර්ථික කොන්දේසි සපුරා ගැනීමකින් තොරව ක්‍රියාත්මක වීම නිසා මෙම අර්බුද මතුවී ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.
ඒ අනුව මෙරට සිටින ඇතැම් මුස්ලිම් ජාතිකයන් නිසි ආදායම් මාර්ගයක්, වාසස්ථානයක් හෝ දේපළ ආදිය නොමැතිව කාන්තාවන් කිහිප දෙනෙක් විවාහ කර ගැනීම නිසා මුස්ලිම් සමාජය තුළ කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම බහු විවාහ පනත සංශෝධනය කිරීම මගින් දෙපාර්ශ්වයටම සාධාරණයක් ඉටු කිරීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව යොමු කළ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



