යුක්‍රේනය තුල මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිවේදනයක් නිකුත් කරමින් දන්වා යවා තිබෙනවා.
එමෙන්ම පැය 24×7 පුරා ක්‍රියාත්මක වන ක්ෂනික දුරකතන ඇමතුම් අංක හරහා යුක්‍රේනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධ විය හැකියි.
දුරකථන අංක +905344569498 සහ +903124271032 ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින අතර slemb.ankara@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද තොරතුරු ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



