යුක්රේනයේ සිවිල් වැසියන්ට එරෙහි රුසියානු ප්‍රචණ්ඩත්වය තව තවත් උත්සන්න වීමත් සමග McDonald's, Coca Cola සහ Starbucks යන සමාගම් රුසියාව තුළ සිය සේවා අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව රුසියාවේ පිහිටා ඇති McDonald's අවන්හල් 850ක් තාවකාලික වසා දමා ඇති අතර Starbucks කෝපි හල් 100ක් ද වසා දමන බව එම සමාගම් නිවේදනය කළා.
කෙසේවෙතත් McDonald's සමාගම පැවසුවේ රුසියාවේ සිටින 62,000 ක් පමණ වන එහි කාර්ය මණ්ඩලය සඳහා පඩි ලබා දීම අඛණ්ඩව සිදුකරන බවයි.
බටහිර ජාතීන් පනවා ඇති දැඩි සම්බාධක මාධ්‍යයේ පසුගියදා Netflix, Levi's ඇතුළු ප්‍රධාන සමාගම් රැසක් ම රුසියාව තුළ සිය විකුණුම් සහ සේවා සැපයීම නතර කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



