රාජ්‍ය සේවකයන් සදහා මාසිකව ලබා දෙන විශේෂ ඉන්ධන දීමනාව සම්පූර්ණයෙන් නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඊයේ (08) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ සඳහා අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කළා.
අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව ලබාදෙන ඉන්ධන ලීටර 225ට අමතරව විශේෂ රාජකාරි සඳහා ගෙවනු ලබන විශේෂ ඉන්ධන දීමනාව මෙලෙස නවතා තිබෙනවා.
රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් තාවකාලිකව මෙම පියවර ගත් බවත් ඉදිරියේ දී කොළඹින් දුර බැහැර පළාත්වල පවතින සාකච්ඡා සූම් (zoom) තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට උපදෙස් දී ඇති බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



