කිරිබත්ගොඩ මුදියන්සේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී කාන්තා මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (09) සොයාගෙන තිබෙනවා.
මෙම කාන්තාව මීට දින 04කට පමණ පෙර මිය ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
අසල්වැසියන් විසින් 119 දුරකථන අංකයට ලබා දුන් තොරතුරක් මත ටයිල් ගොඩකින් වසා තිබූ අදාළ සිරුර හමු වී ඇත.
වයස අවුරුදු 35ක් පමණ වෙන මියගිය තැනැත්තිය අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ලබාගත් තුණ්ඩු කිහිපයක්ද නිවසේ තිබී සොයාගත් බව පොලීසිය පවසනවා.
මෙම කාන්තාවගේ මළ සිරුර මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර කිරිබත්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



