2022 වසරේ මුල් සති නවය තුළ සංචාරකයින් 204,345 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙය 2021 මුළු වර්ෂය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව අභිබවා ගොස් ඇති අතර එම වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 194,495 ක්.
මේ අතර මෙම මස 01 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 25,511 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර ඉන් 15.8 %ක් රුසියානු ජාතික යනුවෙන්ම ජාතිකයන් වීම විශේෂත්වයක්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



