අද (09) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මාළු,මස්,කිරි ආශ්‍රිත නිෂ්පාදන,ඇපල් දොඩම් ඇතුළු පලතුරු ,ගෘහ විදුලි උපකරණ , චොකලට්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් මෙලෙස සීමා කර ඇත.
මෙම රෙගුලාසිය අදාළ වන්නේ 2022 මාර්තු 10 හෝ ඊට පසුව බිල්පත් නිකුත් කරන භාණ්ඩ ආනයනය සඳහා පමණි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමුඛත්වය නොදීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් රජයට දැඩි දෝෂාරෝපණ එල්ල කර ඇති පසුබිමක මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



