දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස විපක්ෂයේ අපේක්ෂක Yoon Suk Yeol පත්වී තිබෙනවා.
දකුණු කොරියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Lee Jae Myung සහ කොන්සවේටිව් පක්ෂයේ Yoon මහතා අතර තියුණු තරගයකින් අතහැර දෙදෙනා අතර පරතරය 1% ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිය පරාජය පිළිගනිමින් ඔහුගේ අඩුපාඩු වෙනුවෙන් ආධාරකරුවන්ගෙන් සමාව ගෙන තිබෙනවා.
පසුගිය බදාදා පැවැති දකුණු කොරියානු ජනාධිපතිවරණයේ දී සුදුසුකම්ලත් ඡන්දදායකයින්ගෙන් හතරෙන් තුනකට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර නිවාස මිල ඉහළ යෑම,තරුණ විරැකියාව,ආර්ථික අර්බුදය පිළිබඳ මෙවර ඡන්දය දායකයින්ගේ අවධානය යොමු වී ඇත.
දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩ යවමින් ධවල මන්දිරය පවසා ඇත්තේ දෙරටේ සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



