ඉන්දියාවේ කන්‍යා කුමරි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු ඊයේ (09) ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව තමිල්නාඩුවේ තූත්තුකුඩි වරාය වෙත රැගෙන යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් ධීවරයින් හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය පිරිසක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක පොලිසිය වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



