මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් 51 හැවිරිදි අශෝකා ප්‍රියංගනී නම් කාන්තාවක් මිය යෑම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා යන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.
නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මියගිය කාන්තාවගේ සැමියා වන ආර්.ඩී.එස් ශාන්ත කුමාර සිරිමාන්න සහ දරුවන් සිවුදෙනා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය ප්‍රකාරව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල කර අධිචෝදනා ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



