අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද (10) ඉවත් වුණා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සඳහන්ව ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම හරහා ඔහු ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් බව සඳහන් කරමින් විනිසුරුවරයා මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළා.
එස්.තුරෙයිරාජා,මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම සලකා බැලෙන අතර එය ලබන මස 7 වනදා යළි කැඳවීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



